Tuesday 2 May 2017

සාමාන්‍ය දැනීම විමසමු - පළමු ප්‍රශ්න පත්‍රය





නූතන අධ්‍යාපන ක්‍රමය තුළ සාමාන්‍ය දැනීමට හිමිවී ඇති ස්ථානය අද්විතීයය. දැනුම පාදක කරගත් අධ්‍යාපනය තුළ ඔබ කෙතරම් දැනුම් සම්භාරයකින් පරිපූර්ණව සිටියත් එය ප්‍රමාණවත් නොවන අවස්ථා බොහෝය.
ශ්‍රී ලංකාව තුළ විද්යුත් හා අනෙකුත් සන්නිවේදන මාධ්‍ය භාවිතා කරනුයේ හුදෙක් විනෝදාස්වාදය හා රසවින්දනය උදෙසා පමණි. එවන් යුගයක අන්තර්ජාලය යනු හුදෙක් පුද්ගලයන්ට මඩ ගසන සමාජයට විෂබීජ ලබා දෙන තැනක් බවට අදවන විට පත්ව ඇත.

වර්තමාන ලාංකික ශිෂ්‍ය පරම්පරාව තුළ අන්තර්ජාලය තම ඉගෙනුම් කටයුතු වලට භාවිතා කරනුයේ ඉතා අල්ප ප්‍රමාණයකි. දෙමාපියන්ගේ මුදල් වියදම් කරමින් බොහෝ සිසුන් කරනුයේ තමාගේ විනෝදාස්වාදය හා රසවින්දනය උදෙසා අන්තර්ජාලය භාවිතා කිරීමටයි. ඔවුන් දන්නේ Youtube, Facebook හා අනෙකුත් සමාජ ජාල වලට ගොස් අසභ්‍ය දේවල් බැලීමට හා හල් පල් දොඩවමින් කාලය කා දැමීමට පමණි.

අන්තර්ජාලය තුළින් අපට ඉගෙනීමට බොහෝ අලුත් දේ ඇත. එහෙත් එයින් නියමාකාර ප්‍රයෝජනයක් ගන්නා අය මා දන්නේ ඉතාම සුලු පිරිසකි. මෙවැනි යුගයක ලංකාව තුළ අන්තර්ජාලයේ ඵලදාවිතාව වැඩි කරලීම කල යුතුය. තවත් එක් රසවින්දන ස්ථානයක් නොවී දැනුම මධ්‍යස්ථානයක් කරලීම අපගේ බ්ලොගයේ අරමුණයි.

අද වන විට රජයේ රැකියා හා උසස්වීම් මෙන්ම විවිධ තරග විභාග වලදී ඔබට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයකට බොහෝවිට පිළිතුරු සැපයීමට සිදුවේ. ඒවායින් ජය ලැබීමට ඔබ සතුව ඉහළ දැනුමක් තිබිය යුතුමය. ඉතින් අද දිනයේ සිට එවැනි අයවලුන් සදහා යම් උපකාරයක් කිරීමේ අරමුණින් හා සිසුන්ගේත් ඔබේත් දැනුම වැඩිකරලීමට අප සාමාන්‍ය දැනීම ගැටලු හා පිළිතුරු මාලාවක් අඛණ්ඩව ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.
ඉතින් අද දිනයේ අප ඔබට ගෙන එන්නේ එහි පළමු ප්‍රශ්න කිහිපයයි. සාමාන්‍ය දැනීම යන විශාල සාගරයෙන් බිදක් හෝ ලබා දීම වෙනුවෙන් කරන්නා මේ ලිපිය කියවා ඔබගේ දැනුම වැඩි කරගන්නා ලෙස හැමෝගෙන්ම ඉල්ලා සිටිමි.




ගැටලු

1.      ශ්‍රී ලංකා බෞද්ධ කොඩිය සකස් කරනු ලැබූයේ කුමන වර්ෂයකදීද?

2.      ශ්‍රී ලංකා බෞද්ධ කොඩියේ නිර්මාතෘ කවුරුන්ද?

3.      ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද?

4.      ආසියාවේ රන්දිව ලෙස හැදින්වූ ශ්‍රී ලාංකික අගමැතිවරයා කවුරුන්ද?

5.      ලන්දේසීන් ලංකාව ආක්‍රමණය කරනු ලැබූයේ කුමන වසරකදීද?

6.      ශ්‍රී ලාංකික ජාතික ගීයේ නිර්මාතෘ වරයා කවුරුන්ද?

7.      ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය කුමක්ද?

8.      ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද?

9.      ශ්‍රී ලංකාවේ ප්‍රථම පොල් පරියේෂණාගාරය පිහිටා ඇත්තේ කොහේද?

10.  ශ්‍රී ලංකාවේ ප්‍රථම රබර් පරියේෂණාගාරය පිහිටා ඇත්තේ කොහේද?

11.  ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්‍යය යෝජනා ක්‍රමය කුමක්ද?

12.  ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දිනා ගත්තේ කවදාද?

13.  ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කොහේද?

14.  නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා කවුරුන්ද?

15.  සමූපකාර ව්‍යාපාරයේ ආරම්භක රට කුමක්ද?

16.  ලෝකයේ රබර් නිෂ්පාදනය කරන ප්‍රමුඛතම රට කුමක්ද?

17.  යුනෙස්කෝ සංවිධානය ආරම්භ කරන ලද්දේ කිනම් වසරකද?

18.  යුනිසෙෆ් ආයතනය ආරම්භ කරන ලද්දේ කුමන වසරකද්දීද?

19.  එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහනේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද?

20.  ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනේ කවදාද?

21.  ශ්‍රී ලංකාව නිදහස ලැබූයේ කවදාද?

22.  සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නීතිගත කලේ කවදාද?

23.  ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා කවුරුන්ද?

24.  1978 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය කොපමණද?

25.  ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද?





පිළිතුරු

1.      1855 වසරේදීය.
2.      හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා
3.      නිල් මානෙල්
4.      එස්.ඩබ්ලිව්.ඩී බණ්ඩාරණායක
5.      1658 වර්ෂයේදීය
6.      ආනන්ද සමරකෝන් මහතා
7.      නා ගස
8.      වොලිබෝල්
9.      ලුණුවිල
10.  අඟලවත්ත
11.  ගල් ඔය යෝජනා ක්‍රමය
12.  1955 දෙසැම්බර් 14
13.  නාවල
14.  ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා
15.  එංගලන්තය
16.  මැලේසියාව
17.  1946
18.  1946
19.  කෙන්යාවේ නයිරෝබි නුවර
20.  1947 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 30 දක්වා
21.  1948 පෙබරවාරි 4
22.  1956 ජුනි 6 වැනිදා
23.  විලියම් ගොපල්ලව මැතිතුමා
24.  වසර 6
25.  ගරු ඩී.එස් සේනානායක මැතිතුමා