ඔන්න එහෙනම්
අදත් මම අපේ යාලුවන්ගෙ දැනුම වැඩි කරන්න කියල හිතලා හොද ලිපියක් ලියන්න හිතුවා. ඉතින්
මේකෙ මාතෘකාව තමා මළ මුහුද. ඉතින් මේ නමට එහෙම බය වෙන්න එපා හොදද මරණයක් ගැන දෙයක්
නම් නෙමෙයි මේ කියන්න යන්නෙ.
ඔයාල දන්නවනේ
යාලුවනේ ලෝකයේ සාගර හා මුහුදු තියෙනවා කියලා, මුහුදු කිහිපයක් එකතුවෙලා තමා සාගර හැදෙන්නෙ.
ඉන්දියන් සාගරය අත්ලන්තික් සාගරය එහෙම කියන්නෙ අති විශාල කරදිය වලින් පිරුණු සාගර.
කහ මුහුද, කළු මුහුද, සුදු මුහුද කියල මුහුදු ගැන ඔයාලා අහල ඇති. ගොඩක් වෙලාවට මුහුදු
ලෙස හදුන්වන්නෙ ගොඩබිම් ආසන්නයේ දූපත් දෙකක් අතර වගේ ප්‍රදේශයක තිබෙන කරදියෙන් පිරුණු
තැනකට. තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා, මේ මුහුදු මහද්වීප මැදත් පිහිටන අවස්ථා තිබෙනවා.
කැස්පියන් මුහුද, එරල් මුහුද කියන්නෙ ඒ වගේ මහද්වීප මැද තියෙන මුහුදවල්. අපි මේ කතා
කරන්න යන මුහුදත් අන්න ඒ වගේ එකක්. හැබැයි මේ ‘මළ මුහුද’ අනෙක් මුහුදු වලට වඩා ගොඩක්ම වෙනස් එකක්.
ඊශ්‍රාලයත් ජෝර්දානයත් අතර පිහිටලා තියෙන
අතිවිශාල කරදියෙන් පිරුණු විලකට තමයි “මළ මුහුද” කියන්නෙ. හැබැයි මේ මුහුද පිහිටලා
තියෙන්නෙ අපි සලකන මුහුදු මට්ටමට වඩා මීටර් 418 ක් පහළින්. මේ මුහුද වර්ග කිලෝමීටර
41650 ක් දක්වා පැතිරිලා තියෙනවා. මෙහි දිගම ස්ථානය කි.මී 67 ක් විදියටත් පළලම කි.මී
18 ක් ලෙසත් සටහන් වෙනවා. මෙහි උපරිම ගැඹුරු ස්ථානය මීටර 118 වනවා. ඒ වගේම මෙහි වෙරළ
තීරය කිලෝමීටර කිලෝමීටර 135 ක් දිගින් යුක්ත වනවා. මේ ස්ථානය වාර්තා වෙන්නේ පෘථිවිය
මතුපිට තියෙන පහත්ම ස්ථානය විදියට තමා. මෙහි තිබෙන සුවිශේෂීම කාරණය තමයි මේකෙ ජලය ඉතා
අධික ලවණතාවයකින් යුක්ත වනවා. එය සාමාන්‍ය මුහුදකට සාපේක්ෂව 9 ගුණයක් වගේ අධික ලවණතාවක්.
ඒ නිසා කිසිම ජලජ ජීවියෙකුට හෝ පැළෑටි කිසිවක් මෙහි දැකගන්නට බැහැ. මෙන්න මේ කාරණය
හින්දම තමයි මේකට මළ මුහුද කියන නම දාල තියෙන්නෙත් හැබැයි එහෙම කීවට මළ මුහුද සම්පූර්ණයෙන්ම
ජීවීන්ගෙන් තොර ස්ථානයක් නම් නෙමෙයි. සමහර බැක්ටීරියා වර්ග මෙම ජලයේ ජීවත්වන බව දැන්
සොයාගෙන තියෙනවා.
මළ මුහුද - සිතියම
මළ
මුහුදෙ තියෙන මේ අධික ලවණතාවය හින්දම එහි ඝණත්වය සාමාන්‍ය ජලයේ ඝනත්වයට වඩා වඩා බොහෝ
වැඩියි. මේ හින්දා මළ මුහුදට බසින කිසිවෙක් ගිලෙන්නෙ එහෙම නැහැ. මේ සුවිශේෂී කාරණය
නිසාම බොහෝ සංචාරකයන්ගේ අවධානය මේ ස්ථානය වෙතට යොමුවෙලා තියෙනවා. ඔවුන් මළ මුහුද මත
පාවෙමින් සිය විවේකය ගත කරන්නට දක්වන්නේ ලොකු කැමැත්තක්.
මළ මුහුද ආශ්‍රිතව තිබෙන පසෙහි විශේෂ ඖෂධීය
ගුණයක් ඇති බවටත් ගොඩ දෙනෙක් විශ්වාස කරනවා. අතීතයේ ඊජිප්තුවේ මමී වල ආලේප කිරීමට මෙහි
තිබෙන ඛනිජ යොදාගෙන තිබෙනවා කියලත් අද වෙනකොට සාක්ෂි ලැබිල තියෙනවා. විවිධ ආලේපන වගේම
සුවද විලවුන් සෑදීමටත් මෙහි ඛනිජ අදටත් පාවිච්චි වනවා.
පිහිනීමට අපහසු වූවත් පාවෙමින් කාලය ගත
කරන්නට කැමති මිලියන 1.2 ක පමණ සංචාරකයන් පිරිසක් වාර්ෂිකව මෙහි පැමිණෙනවා. බොහෝ සංචාරකයන්
මළ මුහුදට පිවිසෙන්නේ ඊශායලය පැත්තෙන්. ඒකට හේතුව වෙලා තියෙන්නේ එහි සිට බලන විට මළ
මුහුද ඉතා සුන්දර ලෙස දර්ශනය වීමයි.
ජෝර්දාන නදිය මළ මුහුද වෙත ජලය ගලා යන
ප්‍රධාන ගංගාව වනවා. වාර්ෂිකව පිටාර ගලන මේ ගංගාව හරහා මසුන් දස දහස් ගණනක් මළ මුහුදට
යොමු වූවත් ඒ එකදු සත්වයෙකුට මෙහි අධික ලවණතාවය නිසා ජීවත් වෙන්න බැහැ.
තවත් වැදගත්ම කාරණය තමයි මේ මළ මුහුද ඉතාමත්
හොද සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වීම. පරිසරයේ ඇති දූවිලි, මල් රේණු වගේ දේවලින් ආසාත්මිකතා
ඇතිවන පුද්ගලයන්ට මෙන්ම ශ්වසන රෝග හා සමේ රෝග තිබෙන පුද්ගලයන්ට මේක හොද වෛද්‍ය මධ්‍යස්ථානයක්
වෙනවා.