Tuesday 1 August 2017

රජයේ විභාග සදහා සාමාන්‍ය දැනීම - 5 වන ප්‍රශ්න පත්‍රය




ප්‍රශ්න

1) ශ්‍රී ලංකාවේ දිග හා පළල කිලෝමීටර වලින් කොපමණද?

2) ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කොපමණ ප්‍රමාණයක් ඇත්ද?

3) ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල හා එහි උස කොපමණද?

4) ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය කුමක්ද?

5) ශ්‍රී ලංකාවට ප්‍රථම වරට මෝටර් රථයක් ගෙන්වන ලද්දේ කිනම් වසරක කුමන පුද්ගලයෙක්ද?

6) ලොව අටවන පුදුමය ලෙස සැලකෙන 'සීගිරිය' නිර්මාණය කලේ කුමන රජතුමාද?

7) පැරණි ශ්‍රී ලංකාව පාලනය පහසු කිරීම සදහා බෙදා තිබූ ප්‍රධාන රාජධානි 3 කුමක්ද?

8) ඓතිහාසික ගන්නෝරුව සටන ඇතිවූයේ කිනම් වසරක කුමන ජාතියයන්ට එරෙහිවද?

9) 'අමාවතුර' නමැති සිංහල ගද්‍ය සාහිත්‍යය කෘතියේ කතුවරයා කවුරුන්ද?

10) තිසර සංදේශය කුමන රාජධානි සමයක ලියවුණු කෘතියක්ද?

11) පංච තූර්‍ය නම් කරන්න

12) ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා නම් කරන්න

13) 'තුඩුව' යන භූගෝලීය පිහිටීම අර්ථ දක්වන්න

14) සුප්‍රකට අන්දීස් කදුවැටිය පිහිටා ඇති මහද්වීපය කුමක්ද?

15) ඔස්ට්‍රේලියානු මහද්වීපයේ දිගම ගංගාව කුමක්ද?

16) ප්‍රථම වාෂ්ප දුම්රියෙහි නිර්මාතෘවරයා කවරෙක්ද?

17) ප්‍රථම මෝටර් රථය නිර්මාණය කළේ කවරෙක් විසින්ද?

18) 'ආසියාවේ රිදී සීනුව' ලෙස හැදින්වූ රාජ්‍ය නායකයා කවුරුන්ද?

19) ජය ගග හෙවත් යෝධ ඇල කාගේ නිර්මාණයක්ද?

20) අගනුවරවල් 3ක් හරහා ගලාබසින ලොව එකම ගංගාව කුමක්ද?

21) ලොව විශාලතම කෞතුකාගාරය පිහිටා ඇත්තේ කොහේද?

22) මිනිස් සිරුරේ ඇති රුධිර ප්‍රමාණය ශරීර බරෙන් කොපමණ ප්‍රතිශතයක්ද?

23) අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා වීමේ ගෞරවය ලද පුද්ගලයා කවරෙක්ද?

24) විරංජන කුඩු ලෙස හැදින්වෙන ද්‍රව්‍යයේ රසායනික නම කුමක්ද?

25) 'හැනෝයි' යනු කුමන රටක අගනුවරක්ද?


පිළිතුරු
1) දිග කිලෝමීටර 336 හා පළල කිලෝමීටර 224
2) 34
3) බමරකන්ද දියඇල්ල, උස මීටර 240
4) රන්දෙනිගල ජලාශය
5) 1902 දී ඊ.වී.මනී තැනැත්තා
6) කාශ්‍යප රජතුමා
7) රුහුණු,පිහිටි,මායා
8) ගන්නෝරුව සටන, 1638
9) ගුරුළුගෝමි පඬිතුමා
10) ගම්පොල රාජධානිය
11) ආතත,විතත,විතතාත,ඝන,සුසිර
12) වළි කුකුලා
13) ගොඩබිම සිට මුහුද දෙසට නෙරා ගිය බිම් කොටසක්
14) දකුණු ඇමරිකාව
15) මරේ ඩාලිං ගග, දිග සැතපුම් 2310
16) ජෝර්ජ් ස්ටීවන්සන්, 1829
17) ජර්මන් ජාතික ඩෙම්ලර් විසින් 1885
18) එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක මැතිතුමා
19) ධාතුසේන රජතුමා
20) ඩැනියුබ් ගග
21) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් කෞතුකාගාරය
22) 7.5%
23) යුරි ගගාරින් 1961/04/12
24) කැල්සියම් හයිපොක්ලෝරයිඩ්
25) වියට්නාමය