රුසියානු
මහා ගත්කරු ලෙස විරුදාවලිය ලත් මැක්සිම් ගෝර්කි(ඇලෙක්සේයි මක්සිමොවිච් පෙෂ්කොච්ගේ ආරූඩනාමය)
1968දී හිෂ්නි නොච්ගොරොද් හී(දැන් ගෝර්කි නගරය) උපන්නේය. ඔහුගේ පියා දිළිඳු වඩුවෙකි.
පුංචි ඇලෙක්සේයි හතරවන අවුරුද්දට පා තබත්ම සිය පියා කොළරා රෝගයට ගොදුරු වී මිය ගියේය.
මව මිය යන විට ඔහුගේ වයස අවුරුදු 10කි. මෙසේ මව්පිය දෙදෙනාම අහිමිවූ පුංචි ඇලෙක්සේයි
සිය සීයා ලඟ ඇතිදැඩි විය. ඔහුගේ සීයා එනම් මවගේ පියා කුඩා තීන්ත සාප්පුවක අයිතිකරුවෙක්
විය. ක්ෂිරින් නමින් හැදින්වුණු හෙතෙම මසුරෙකි. නිතර කිපෙන්නෙකි. කුරිරු ගති ඇත්තෙකි.
ගොරහැඩියෙකි. සිය මුණුබුරා කෙරෙහි දැඩි ගතියක් පෑ ඔහු සමහර විට ඔහුට තදබල ලෙස දඩුවම්
කළේය. ආච්චි අම්මා ඉතා කරුණාවන්ත කෙනෙකි. කතාගෙතීමෙහි සමත් ඈ සුරංගනා කතා ඉතා අනර්ඝ
ලෙස ගොතා කීවාය. කෂිරින් ගෙදර අනාථ කොලුවාගේ ජීවිතය අලංකාර කලේ ඒ කතාය. පුංචි ඇලෙක්සේයි
පෙෂ්කොච්ට තුන්වැනි පංතිය දක්වා පමණක් ඉගෙනීමට ලැබුණි. සිය සීයාගේ ව්‍යාපාරය පරිහානියට
යාම හේතුවෙන් ඔහුට ජනතාව වෙත යාමට සිදුවිය.
ඉක්බිති
අවුරුදු කිහිපයක්ම නොයෙක් රැකියාවල යෙදීමට මේ අනාගත ගත්කතුවරයාට සිදුවිය. කඩයක “ආවතේව
කාරයෙකු වශයෙන්ද” නෑයෙකුගේ ගෙදර “බෝයි කොලුවෙකු වශයෙන්ද, රැකියාවල්හි නිරත විය. මෙසේ
විවිධ තැන්වල රැකියා කරමින් ජීවිතයේ තිත්ත අරුත දැන ගත්තේය. එහෙත් හොඳ මිනිසුන්, අවංක
හදවත් ඇතිඅයවුන් මුණ ගැසීම නිසා ඔහු තුළ, ඔහුගේ ආත්ම විශ්වාසය ඇතිවිය. 1884දී ඔහු පෙෂ්කොච්
කසාන් නගරයේ විප්ලවවාදී සංවිධානයට බැදුනේය. 1889දී ඔහු සිරගත විය. ඒ විප්ලවවාදී වැඩ
නිසාවෙනි. ඉන් නිදහස ලැබූ හෙතෙම 1891දී රුසියාව පුරා ඇවිද්දේය. ඒ අතරතුරදී තම සිත තුළ
ඇදී ගිය චිත්‍ර ගත්කරුගේ පළමු කතාවලට වස්තුබීජය විය. “ඉසෙර්ශීල් මැහැල්ල” “රාජාලි ගීතය”
“වැහිලිහිණියා” “එමිල්සාන්පිල්‍යායි” “කනවාලම්” “විල්කාෂ්” ආදී කතා මින් ප්‍රකට විය.
1892දී “මකාර්චුද්‍රා” ලියූ හෙතෙම එදා රුසියාව නොදත් මැක්සිම් ගෝර්කි නමින් එය පළ කළේය.
එදා පටන් කෙමෙන් රුසියාව පුරා පැතිරී ගිය ගෝර්කි නාමය ලොව පතල විය. කෙටිකතා, නවකතා,
නාට්‍ය ආදී කෘතීන් එකපිට එක පළවිය.
(මෙම ලිපිය
කේ.ආර්.ආරියසිංහ මහතාගේ ලොවේ ශ්‍රේෂ්ඨයෝ කෘතියේ උපුටා ගැනීමකි)