Thursday 16 February 2017

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු හදුනා ගනිමු

මීට පෙර අප ඔබට ගෙන ආ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලිපියේදී අප රට ශ්‍රී ලංකා ලෙස නම් කළ බව සදහන් කළා මතක ඇති, එම ව්‍යවස්ථාව තුළින් එවකට තිබූ අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කෙරුණු අතර නාමමාත්‍රික ජනාධිපති තනතුර පිහිටවනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ප්‍රථම ජනාධිපතිවරයා වූයේ විලියම් ගොපල්ලව මැතිතුමායි. 1977 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගත් අතර එහිදී එම පක්ෂයේ නායක වූ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා අගමැති බවට පත්විය. පසුව 1978 ජාතික ව්‍යවස්ථාව තුළින්  විධායක ජනාධිපති ධූරය ඇති කරලනු ලැබීය. විධායක ජනාධිපතිවරයා සතුව බලතල රැසක් විය.

අද දක්වා මෙම විධායක ජනාධිපති ධූරය ක්‍රියාත්මක වන අතර පසුගිය කාලය පුරාවට මේ පිළිබඳව දැඩි කතාබහක් ඇතිවූ බව නොරහසකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ලැයිස්තුව මෙසේය

  • විලියම් ගොපල්ලව මැතිතුමා  -  1972-1978
  • ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා -  1978-1989
  • ඩී.බී.විජේතුංග මැතිතුමා -  1993-1994
  • චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය - 1994-2005
  • මහින්ද රාජපක්ෂ මැතිතුමා -  2005-2015
  • මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා -  2015 - අද දක්වා 

ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා 


රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 


ඩී.බී.විජේතුංග මැතිතුමා 


චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 



මහින්ද රාජපක්ෂ මැතිතුමා 



මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 



මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියවීමට Facebook,Twitter,Linkedin,Google Plus යන ඔබගේ සමාජ ජාල වෙබ් අඩවි වෙත බෙදා ගැනීමට අමතක නොකරන්න