Monday 15 May 2017

රජයේ විභාග සදහා සාමාන්‍ය දැනීම - දෙවන ප්‍රශ්න පත්‍රය



මීට පෙර අප ඔබට ගෙන ආ සාමාන්‍ය දැනීම පළමු ප්‍රශ්න පත්‍රය ඔබ අධ්‍යනය කරන්නට ඇතැයි අප බලාපොරොත්තු වෙමු. 

අද දිනයේ අප ඔබට ගෙන එන්නේ එහි දෙවන අදියරයි. මෙහි අඩංගු ප්‍රශ්න හා පිළිතුරු අධ්‍යනය කොට ඔබගේ දැනුම වැඩි කර ගන්නා ලෙස අපගේ බ්ලොගයට පැමිණි සැමගෙන් ඉල්ලා සිටිමු. එසේම ඔබගේ අනෙකුත් මිතුරන්ටත් කියවීමට මෙම ලිපියට හැකිතරම් Facebook Shares, Twitter shares, Linkedin Shares, Google Plus shares ලබා දෙන මෙන්ද අප ඔබෙන් ඉල්ලා සිටිමු .



ප්‍රශ්ණ

1)      එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කළ දිනය කවදාද?

2)      එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාව ඇතුලත් වූ දිනය කවදාද?

3)      W.H.O යන කෙටි නමින් හදුන්වන සංවිධානය කුමක්ද?

4)      එදා පර්සියාව ලෙස හැදින්වූ රට වර්තමානයේ හැදින්වෙන්නේ කිනම් නමකින්ද?

5)      සයිප්‍රස් රාජ්‍යයේ අගනුවර කුමක්ද?

6)      සිලිං යන මුදල් ඒකකය භාවිතා කරන රට කුමක්ද?

7)      කදුළු දොරටුව ලෙස ප්‍රසිද්ධ ප්‍රදේශය කොහේද්?

8)      මරියානා ආගාධයේ ගැඹුර කොපමණද?

9)      පිලිපීනයේ නිදහස් දිනය කවදාද?

10)  ලෝකයේ ලොකුම ඔරලෝසු කණුව කුමක්ද?

11)  ලෝකයේ පැරණිම ජාතික කොඩිය අයත් වන්නේ කිනම් රටකටද?

12)  ලෝක පරිසර දිනය කවදාද?

13)  ලෝකයේ පළමු මුද්දරය නිකුත් වුනේ කවර රටක කවදාකද?

14)  නොබෙල් ත්‍යාගය වැඩිම වාර ගණනක් දිනාගත් ජගත් සංවිධානය කවරක්ද?

15)  කොත්මලේ ජලාශයට ආධාර සැපයූ රට කුමක්ද?

16)  මහමෙව්නා උයන ඉදිකලේ කිනම් රජතුමාද?

17)  දැදුරු ඔය අතීතයේ හැදින්වූයේ කිනම් නමකින්ද?

18)  ශ්‍රී ලංකාව අවසන් වරට එක්සේසත් කලේ කිනම් රජතුමාද?

19)  ඉන්දු නිම්න් ශිෂ්ඨාචාරයේ ප්‍රධාන නගර දෙක මොනවාද?

20)  පකිස්ථානය බිහිකලේ කවරෙකු විසින්ද?

21)  නවසීලන්තයේ ආදි වාසීන් හැදින්වෙන්නේ කවර නමකින්ද?

22)  ලොව විශාලතම මිරිදිය විල කුමක්ද?

23)  චන්ද්‍රයා තමා වටා වරක් කරකැවීමට කොපමණ කාලයක් ගත කරයිද?

24)  යුරේනස් ග්‍රහයා සොයාගත් විද්‍යාඥයා කවුරුන්ද?

25)  රුසියාව ප්‍රථමයෙන්ම ගුවන්ගත කළ චන්ද්‍රිකාව කුමක්ද?





පිළිතුරු

1)      1945 ඔක්තෝබර් 24
2)      1955 දෙසැම්බර් 17
3)      ලෝක සෞඛ්‍ය සංවිධානය
4)      ඉරානය
5)      නිකෝසියා
6)      ඔස්ට්‍රියාව
7)      ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය
8)      11,022 මීටර
9)      ජුනි 12
10)  එංගලන්තයේ බිග්බෙන් ඔරලෝසු කණුව
11)  ඩෙන්මාර්කය
12)  ජුනි 5
13)  එංගලන්තයේදී 1840 මැයි 01
14)  අන්තර්ජාතික රතුකුරුස සංවිධානය
15)  ස්වීඩනය
16)  මුටසීව රජතුමා
17)  ජජ්ජර නදී
18)  6වැනි පරාක්‍රමබාහු රජතුමා
19)  මොහන්දාජාරෝ - හරප්පා
20)  මොහොමඩ් අලී ජින්නා
21)  මඔරි ජාතිකයින්
22)  සුපිරියර් විල
23)  දින 29 පැය 12 විනාඩි 37
24)  සර් විලියම් හර්ෂල්
25)  ස්පුටිනික්