Friday 19 May 2017

ශ්‍රී ලංකාවේදී Software Engineer කෙනෙක් හෝ IT ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්නේ මෙහෙමයි

 බොහෝ විට ලංකාවේ සාමාන්‍ය පෙළ හරි උසස්පෙළ හරි ඉවර කරන නංගිලා මල්ලිලා ගොඩක් දෙනා  තම නිදහස් කාලය බොහෝ විට වැය කරන්නේ කුමක් හෝ රජයේ/පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලා සදහා,

ඒ අතරින් බොහෝමයක් දෙනා යොමුවන්නේ IT, එහෙමත් නැතිනම් තොරතුරු තාක්ෂණ කියන ක්ෂේත්‍රයේ පාඨමාලාවලට. මෙහෙම යොමුවෙන්න බලපාලා තිබෙන එක කාරණයක් නම් “IT වලට job තියෙනවානෙ” කියන සමාජය පුරා පැතිරී තිබෙන රාවය.

ඉතින් ඇත්තටම මේ තොරතුරු තාක්ෂණය කියන ක්ෂේත්‍රයේ ඔය කියන තරම් Job තිබෙනවාද? හොද ජොබ් එකක් කරන්න IT වල හදාරන්න ඕනෙ කුමන පැත්තක පාඨමාලවක්ද? කියන දේ අපි හැමෝම තමවමත් ගොඩක් ප්‍රවීණයයන්ගෙන් අසන සරල ප්‍රශ්නයන්,

ඉතින් මේ ප්‍රශ්න වලට ඉතා සාර්ථක පිළිතුරක් ලබා දෙන්නට Chanuxbro සහෝදරයා සමත්වෙලා තිබෙනවා. ඔහු Youtube වෙත නිකුත් කළ ඉතා වැදගත් වීඩියෝ එකක් අපට හම්බ වුණා.

ඉතින් Chanux ගැන කියවනවනම් ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදියට අනිවාර්‍යයෙන්ම හදුන්වන්න පුළුවන්. Geel.lk වෙබ් අඩවියේ නිර්මාතෘ වගේම Chanuxbro Youtube Channel එක හරහාත් ඉතා වැදගත් අධ්‍යාපනික වීඩියෝ බෙදා හරිමින් Chanux ලංකාවේ IT ක්ෂේත්‍රයට සිදුකරල තියෙන සේවය අමිලයි කියන්න Sinhala Subjects Blog අපි කිසිවිටෙක පසුබට වන්නේ නැහැ.

ඒ වගේම Chanuxbro Youtube Channel එකට 100,000 ක් බවට පත්වීම පිළිබඳව ඔහුට සුබ පැතීමටද මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔයාලත් අදම Chanuxbro Youtube Channel එක subscribe කලේ නැතිනම් Subscribe කරලා Chanux ව තව තවත් මෙවැනි වටිනා වීඩියෝ කරන්නට උනන්දු කරන්න පුළුවන්.

ඉතින් Chanux ගේ අද අපි කතාකරන මාතෘකාවට අදාලව කරපු වීඩියෝ එක තුළින් ඉතා වැදගත් ප්‍රශ්න කිහිපයකටම ඔහු පිළිතුරු ලබා දී තිබෙනවා.

·         ලෝකයට කෙතරම් තොරතුරු තාක්ෂණය වැදගත්ද යන්න,
·         ලෝකයට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ප්‍රවීණයන් දක්වා ඇති සේවය,
·         තොරතුරු තාක්ෂණ ලෝකය තුළ ලංකාවට හිමි තැන,
·         තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් සදහා යොමුවන ආකාරය,
·         පාඨමාලා හැදෑරිය හැකි රජයේ හා පෞද්ගලික ආයතන,
·         තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට යොමු වීමට ඔබට තිබිය යුතු අනිවාර්ය සුදුසුකම්
·         පාඨමාලා සදහා මුදල් කොපමණ අවශයද හා මුදල් සොයා ගන්නේ කෙසේද?
·         තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් සදහා කොපමණ වැටුපක් ලැබිය හැකිද,

වැනි ගොඩක් දේවලට ඔබට මේ වීඩියෝ එක හරහා පිළිතුරු ලැබේවි. එසේනම් පහළින් වීඩියෝ එක බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.




මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියැවීමට ඔබගේ සමාජ ජාලා ගිණුම් තුළට බෙදා ගන්නා ලෙස ඔබ සැමගෙන් අප ඉල්ලා සිටිමු