Tuesday 18 July 2017

අන්තිම මොහොතේ පාඩම් කරලා විභාග ගොඩ දාන හොදම විභාග රහස් මෙන්න

මේ ලිපිය ලියන කොටත් 2017 .පො.ස උසස්පෙළ විභාගයට තියෙන්නේ තවත් සති කිහිපයක් පමණයි. ඉතින් මේ වෙනකොටත් අපේ නංගිලා මල්ලිලා විභාගයට හොදින් ලෑස්ති වෙමින් ඇති කියලා අපි විශ්වාස කරනවා.
විභාගයට මාසයකටත් අඩු කාලයක් තියෙන මේ අවස්ථාව වෙනකොටත් ඔයාලට දැනෙනවා ඇති කොයි තරම් සුදානමක් ඔයාට මේ සදහා තියෙනවාද කියලා, ඔයා සැලසුමක් ඇතිව හොදින් පාඩම් කරපු කෙනෙක් නම් මේ වෙනකොට ඔයා කරන්න ඕනෙ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා ඔයාගෙ දැනුම ඔප මට්ටම් කරගන්න එක.
ඔයාලා හැමෝම දන්නවා උසස් පෙළ වගේ විභාගයක් ගොඩ දාන එක ටිකක් අමාරු වැඩක් බව, ඒකට හේතුව තමයි මේ විභාගය ලියන බොහෝම ටික දෙනෙක්ට පමණක් විශ්ව විද්‍යාල වරම් හිමිවීම. මේ නිසා ඔයාට ගොඩක් ලොකු තරගයකට මුහුණ දෙන්න වෙනවා විතරක් නෙමේ, හොද සැලැස්මක් ඇතිව පාඩම් කරන්නත් වෙනවා. මේකට හොදම වැඩේ තමයි එදිනෙදාට දෙන වැඩ එදිනෙදා කරන එක.
නමුත් අපේ ගොඩක් නංගිලා මල්ලිලා විභාගයට ලැස්ති වෙන්නේ අන්තිම මාස 2-3 කාලයේ, මේ වගේ පොඩි කාලයක් ඇතුලත උසස්පෙළ වගේ විභාගයක් ගොඩ දාන එක හරිම අමාරු වැඩක්. කොහොමවුනත් ඔයත් තවමත් මේ විභාගයට සුදානම් නැත්නම් හරි පාඩම් ගොඩ ගැහිලා හරි විභාගය එපා වෙලා අතෑරලා දාලා හරි නම්, අන්තිම වෙලාවේ ඔයාලව ගොඩ යවන්න පුලුවන් සුපිරි විභාග රහස් ටිකක් අපිට හම්බවුණා.
ඉතින් මේ විභාග රහස් අපිට කියලා දෙන්නෙ TechTrackShow Youtube Channel එක කරන මලින්ද අයියා, ඉතින් මලින්ද අයියා ගැන කියනවනම් විශ්වවිද්‍යාල කිහිපයකම ආචාර්යවරයකු ලෙස කටයුතු කරන උගතෙක් විදියට හදුන්වන්න පුලුවන්. ඔහු යූටියුබ් එකට පසුගිය මාසයේ නිකුත් කරපු විභාග රහස් වීඩියෝ එක අපිටත් බලන්න පුලුවන් වුනා. ඉතින් මේ වීඩියෝ එක ලබන අගෝස්තු මාසයේ විභාගය කරන නංගිලා මල්ලිලාට වගේම වෙනත් විභාගවලට සූදානම් වන ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා මේ විදියට ලිපියකට ඇතුලත් කරන්න අපි තීරණය කළා.
මලින්ද අයියා මේ වීඩියෝ එක තුළින් අන්තිම මොහොතේ පාඩම් කරන්නෙ කොහොමද, දවසේ පැය 24න් උපරිම වැඩ ගන්නේ කොහොමද, නිදගන්න කාලය කළමනාකරණය කරගන්නෙ කොහොමද, පාඩම් කාල සටහනක් හදා ගන්නෙ කොහොමද, පාඩම් කරන අතරතුර විවේකය ගන්නෙ කොහොමද වගේ ගොඩක් වැදගත් දේවල් ගැන කතා කරලා තියෙනවා.
ඒ නිසා විභාගයට ලෑස්ති වෙන නංගිලා මල්ලිලා හැමෝම මේ වටිනා උපදේශ ටික පිළිපැදලා විභාගය ගොඩ දාගන්න කියලා අපි එක සිතින් සුබ පතනවා.



Feynman Learning Technique
ඉහත වීඩියෝ එක බලපු ඔයාලට තවත් වැදගත් වෙන වීඩියෝ එකක් මලින්ද අයියා කරලා තිබුණා. ඔයාගෙ අමාරුම පාඩම් ලේසිම පාඩම් බවට පත්කරගන්නෙ කොහොමද කියන Feynman Learning Technique එක විභාගය ගොඩ දාන්න පාවිච්චි කරන්නෙ කොහොමද කියලා පහත වීඩියෝ එකේ ඉතා පැහැදිලිව ඔහු ඉදිරිපත් කරලා තියෙනවා.


ඉතින් මේ වගේ විභාග රහස් වගේම තවත් විද්‍යාත්මක හා තාක්ෂණික දේවල් රැසක් ගැන Techtrackshow චැනල් එකේ තියෙනවා. ඉතින් ඔයාටත් පුලුවන් පහතින් මලින්ද අයියගෙ චැනල් එක Subscribe කරලා ඔයාගෙ විද්‍යාත්මක දැනුම වැඩිකර ගන්න


ඉතින් මේ ලිපිය අනාගතයේ විභාගය ලියන්න ඉන්න හැමෝටම වැදගත් වෙන නිසා ඒ අයටත් බලන්න අනිවාර්‍යයෙන්ම Facebook,Twitter,Google Plus වලට share කරන්න අමතක කරන්න එපා.