Saturday 8 July 2017

Graphic Design ඉගෙන ගන්න කැමති ඔයාලා වෙනුවෙන් අලුත් Youtube Channel එකක් මෙන්න

පරිගණකයක් තිබෙන අපි හැමෝම ගොඩක් වෙලාවට අපේ පරිගණකයට Install කරන මෘදුකාංග සලකා බැලුවොත් Photoshop, Illustrator, Coreldraw වගේ මෘදුකාංග ඒ අතර ප්‍රධාන වෙනවා. සමහරවිට මේ වන විටත් ඔයාගේ පරිගණකයේත් මේ මෘදුකාංග ඇති. කොහොමවුනත් මේවායෙන් හරියටම වැඩ කරන්න දන්නෙ බොහොම පොඩි පිරිසක්.

ඔයා දැනටමත් Graphic Design ඉගෙන ගන්න කෙනෙක් හරි මේ ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඉහත මෘදුකාංග පිලිබදව නිසියාකාරව ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය වනවා.

ලංකාවේ බොහෝ දෙනෙක් තුල මෙම 3D Animation, Video Editing, 3D Graphics වගේ ක්ෂේත්‍ර පිලිබදව ඇත්තේ ඉතාම අල්ප දැනුමක්. ඉතින් ඔයත් මේ Graphic Design ක්ෂේත්‍රය ඉගෙන ගන්න කැමති, ඒ දේවල්වලට ආස කරන කෙනෙක් නම් ඔයාලගේ දැනුම හා හැකියාව වර්ධනය කර ගන්න පුළුවන් සුපිරි තැනක් අපට හම්බවුනා.



ඇත්තම කීවොත් මේක Youtube Channel එකක්. වර්තමානයේ මුදල් ගෙවල Course වලට යනවට වඩා මේ විදියට Online Tutorials හරහා ඉගෙන ගන්න අපට හැකියාව ලැබිල තියෙනවා. ඉතින් ඒ වගේ Graphic Design ගැන ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් තැනක් තමා මේ අද අපි කතා කරන Nuwan 3D Youtube Channel එක.


ඉතින් මේ Nuwan 3D යුටියුබ් චැනල් එක පවත්වාගෙන යන්නෙ නුවන් පෙරේරා සහෝදරයා විසිනුයි. ඔහු පිලිබදව හා ඔහුගේ හැකියාව පිලිබදව පහත ඔහුගේ නිර්මාණවල විශිෂ්ටතවය තුලින් අපට දැක ගන්න පුළුවන්.





ඉතින් Sinahala Subjects අපිත් පෞද්ගලිකව මේ Nuwan 3D චැනල් එක හරහා ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා වගේම Graphic Design ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙක්ට මේ චැනල් එක නිර්දේශ කරන්නත් අපි කැමතියි.

ඉතින් පසුගිය දවසක නුවන් සහෝදරයා පෞද්ගලිකව හමුවෙන්න අපට හැකියාව ලැබුණා. ඉතින් අපි ඔහුගේ මේ චැනල් එක ගැනත් ගොඩක් තොරතුරු අහල බැලුවා. නුවන් අපේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ මෙහෙමයි.


Graphic Design ක්ෂේත්‍රය පිලිබදව ඔබේ අත්දැකීම් මොනවාද?
"මම වසර 13ක් ත්‍රිමාණ සජීවිකරණ හා ග්රැෆික් නිර්මාණවල යෙදී සිටිනවා. ඔයාලට මගේ නිර්මාණ මෙතනින් බලන්න පුළුවන්."


Nuwan 3D චැනල් එක පටන් ගැනීමේ අරමුණු මොනවද?
"මගේ මුලිකම අරමුණ වුනේ මම ඉගෙන ගත්ත මම දන්නා දේවල් තවත් කෙනෙකුට කියා දීම. ඒ අරමුණ ඇතිව පටන් ගත්ත මගේ චැනල් එකට මාස 5ක් විතර වෙනවා. මේ වනවිටත් මා හට ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා."


ඔබ දැනට පළකර ඇති වීඩියෝ ගැන සදහනක් කලොත්?
"ත්‍රිමාණ සජිවිකරණය ,ග්රෆික් ත්‍රිමාණකරණය, වීඩියෝ සංස්කරණය වගේ දේවල් පිලිබදව මම වීඩියෝ වල ඇතුලත් කරලා තියෙනවා වගේම මේ දේවල් කරන මෘදුකාංග ගැනත් මම වෙන වෙනම වීඩියෝ කරලා තියෙනවා. මගේ වීඩියෝ හා එම පාඩම් මාලා පිලිබදව කිසියම් ගැටළුවක් තියෙනවනම් Nuwan 3D Facebook Page එකෙන් මගෙන් විමසීම් කරන්නත් පුළුවන්."


ඉතින් එයාගේ Youtube Channel එක ගැන නුවන් කිවේ එහෙමයි. ඉතින් ඔයාල කැමතිනම් ඉස්සරහට මේ චැනල් එකේ පලවන දේවල් බලන්න හා ඉගෙන ගන්න පහල Link එකෙන් ගිහින් අනිවාර්යයෙන්ම Subscribe කරන්න අමතක කරන්න එපා.


ඉතින් තමන් දන්න දැනුම මේ විදියට අපට කියල දෙන නුවන් පෙරේරා සහෝදරයට මේ වැඩේ දිගටම කරගෙන යන්න අපි සුබ පතනවා වගේම මේ ගැන හැමෝටම කියන්න මේ ලිපිය හැකිතරම් Facebook, Twitter, Linkedin, Google Plus වෙත බෙදා ගන්න කියලත් අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.