Monday 12 September 2016

ලෝකයේ දිගම ගංගා පිළිබඳව තොරතුරු දැනගනිමු

 ඉතින් මුලින්ම කියන්න ඕනෙ සිංහල සබ්ජෙක්ට්ස් බ්ලොගය පරිශීලනය කරන සහ කරපු යහලුවන්ට ගොඩක් ස්තූතියි කියලා. අපේ බ්ලොග් අඩවිය ගැන ගොඩ දෙනෙක් හොද කතා කලා. ඉතින් ඒ වගේ හොද අදහස් වලින් අපි ගොඩක් තෘප්තිමත් වෙලා අපේ බ්ලොගය තුලින් තවදුරටත් හොද ලිපි ලියන්න තීරණය කළා.
ඉතින් අපේ බ්ලොගයේ අරමුණ තමයි ඉගෙන ගන්න හා තමන්ගේ දැනුම වැඩිකරගන්නට කැමති සියලු දෙනාටම අත්වැලක් වෙන එක. අදත් අපි ඔයාලගෙ සාමාන්‍ය දැනීම හා රසාස්වාදය වැඩි කරන්නට ඔයාලා ආසා හිතෙන ලිපියක් අරන් ආවා.

කලින් අපි ඔයාලට ගෙනාපු ලෝකයේ උසම කදුවැටි ගැන ලිපිය ඔයාලා කියවන්න ඇති කියලා මම හිතනවා. අද අපි ගෙන එන්න යන්නේ ලෝකයේ දිගම ගංගා පිළිබඳව විස්තර.

ඔයාලා දන්නවානේ ලෝකයේ දිගම ගංගාව නයිල් ගංගාව කියලා. ලංකාවේනම් දිගම ගංගාව මහවැලි ගග. නමුත් මහවැලි ගග දිගින් යුක්ත වෙන්නෙ 335km පමණයි. නමුත් ලොව දිගම ගංගාව වන නයිල් ගග දිගින් 6650km වෙනවා. ඉතින් මේ ලෝකයේ දිගම ගංගා රටවල් කිහිපයක් වගේම මහද්වීප හරහා ගලා බසිනා ඉතා දිගු ගංගා. මේ ගංගා පිහිටි රටවල් ඔවුන්ගේ ආර්ථික දියුණුව සදහා ගොඩක් ලොකු දායකත්වයක් මේවායින් ලබා ගන්නවා .




1.      නයිල් නදිය


අප්‍රිකාවේ පිහිටා ඇති ලෝකයේ දිගම ගංගාව වන්නේ නයිල් ගංගාවයි. සුඩානය, ටැන්සානියාව, ඊජිප්තුව වාගේ රටවල් හරහා වැටී තිබෙන මේ ගංගාවෙන් අතිවිශාල ජනතාවක් සේවය සලසා ගනු ලබනවා. පෙර ආදි කාලයේ නයිල් නදී නිම්නය වැනි ශිෂ්ඨාචාර පවා මේ ගග ආශ්‍රිතව බිහිවී තිබුණා.





2.      ඇමේසන් ගංගාව


ලෝකයේ දිගම ගංගාව නයිල් වූවත් ලෝකයේ විශාලතම ගංගාව වන්නේ ඇමේසන් ගංගාවයි. මේ ගංගාව බ්‍රසීලය, පේරු, කොලොම්බියාව හා ගයනාව යන රටවල් හරහා වැටී තිබෙනවා. ඇමේසන් වැසි වනාන්තරය තුළින් පැමිණෙන සියලුම කුඩා ජල දහරා දරාගෙන මුහුදට ගලා බසිනා මේ යෝධ නදිය අතිවිශාල මිරිදිය ප්‍රමාණයක් සාගරයට මුදාහරිනු ලබනවා. එය කොතෙක්ද යන්න ඔබ ඇසුවොත් පුදුම වනවා නොඅනුමානය. ඇමේසන් ගං මෝය සිට 160km පමණ දුරක් යනතුරු මුහුදු ජලයේ කිසිදු ලවණ ගතියක් නොමැති බව ඔබ ඇසුවොත් ඔබට කෙතරම් ජල ධාරාවක් මේ ගංගාව ගෙන යන්නේදැයි සිහියට නගාගත හැකිය. සමහර ස්ථානවල මේ ගංගාවේ පළල කිලෝමීටර 20-30 ටත් වඩා වැඩිය




3.      යැන්ටිසි ගංගාව


චීන සමාජවාදී ජනරජය හරහා ගලා බසිනා මේ ගංගාව දිගින් 6418 ක් පමණ වනවා. මෙය නැගෙනහිර චීන මුහුදට ගලා බසිනවා.




4.      මිසිසිපි මිසෝරි ගංගාව


කිලෝමීටර 6275 ක් දිගින් යුක්ත මේ ගංගාව මෙක්සිකෝ ගල්ෆ් ප්‍රදේශයෙන් මුහුදට එකතු වෙනවා. මෙම ගංගාව ඇමරිකාවේ විශාල ප්‍රදේශයක් හරහා ගලා බසිනා ඉතා වැදගත් ගංගාවක් ලෙස දැක්වීමට පුළුවන.




5.      යෙනිසි ගංගාව


රුසියාවේ දිගම ගංගාව වන මෙය මොංගෝලියානු දේශයෙන් ආරම්භ වී ගලා බසිනවා. දිගින් 5539Km පමණය.




6.      කහ ගග


චීනයේ තවත් ප්‍රසිද්ධ ගංගාවක් වන කහ ගංගාව හෙවත් හොවැන්හෝ ගංගාව දිගින් කිලෝමීටර 5464 පමණ වනවා. පැරණි හොවැන්හෝ ශිෂ්ඨාචාරය බිහිවී තිබුණේ මේ ගංගාව ආශ්‍රිතවය. වාර්ෂිකව පිටාර ගලන මේ ගංගාව ආශ්‍රිතව විශාල කෘෂිකාර්මික හා ආර්ථික වාසි චීනය ලබා ගනු ලබනවා.




7.      ඉර්ටීෂ් ගංගාව


දිගින් කිලෝමීටර 5410 පමණ වන ඉර්ටීෂ් ගංගාව ඕබි බොක්කට ගලා බසිනවා. චීනය, රුසියාව, කසකස්ථානය හා මොංගෝලියාව යන රටවල් හරහා මෙය ගලා බසිනවා.





8.      පරාණා ගංගාව


දිගින් 4880km පමණ වන මෙය බ්‍රසීලය, ආර්ජන්ටිනාව, පැරගුවේ හා උරුගුවේ යන රටවල් හරහා ගලා බසිනවා.





9.      කොංගෝ ගංගාව


දිගින් කිලෝමීටර 4700 දිගින් වන මෙය අප්‍රිකාවේ දෙවන දිගම ගංගාවයි. මෙය අත්ලන්තික් සාගරයට ගලා බසින අතර කොගෝ දේශය මෙහි පෝෂණ භූමියයි





10.  අමූර් ගංගාව


දිගින් 4444km වන අමූර් ගංගාව ඔකොටිස් මුහුදට ගලා බසිනවා. රුසියාව, චීනය හා මොංගෝලියාව මෙහි පෝෂණ ප්‍රදේශ වනවා.




අවසානය

දැන් ඔබට ලෝකයේ දිගම ගංගා පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි කියා මා හිතනවා. ඉදිරියේදීත් ඔබගේ සාමාන්‍ය දැනීම වර්ධනය උදෙසා මෙවැනි ලිපි සම්පාදනය කරන්නට අප සූදානම්. ඒ සදහා අපව දිරිගැන්වීම කලහැක්කේ ඔබටයි. මෙය හැකිතරම් සමාජ ජාල තුලට share කර ඔබගේ සහයෝගය අපට ලබාදෙන මෙන් ඉල්ලමි.