Tuesday 4 October 2016

ලංකාවේ උසම කදු පිළිබඳව ඔබගේ දැනුම විමසා බලමු

ගොඩ කාලෙකට පස්සේ මට හිතුනා සිංහල සබ්ජෙක්ට්ස් බ්ලොගයට ලිපියක් ලියන්න ඕනෙ කියලා. පසුගිය දවස් ටිකේම අපි ගොඩක් කාර්‍යයබහුල වෙලා හිටපු නිසා බ්ලොගය යාවත්කාලීන කරන්න බැරි තත්වයකට තමා අපි පත්වෙලා හිටියේ. කොහොමවුනත් අපි තීරණය කළා අපගේ පාඨකයන්ගේ දැනුම උදෙසා ලිපියක් කෙසේ හෝ ලිවිය යුතුයි කියලා. අපි අද ගෙනාවේ ඔයාලගේ සාමාන්‍ය දැනීම වර්ධනය කිරීම උදෙසා තවත් වැදගත් ලිපියක්.

ඔයාලට කලින් ලිපියකදි අපි ගෙනාවා මතක ඇති ලෝකයේ උසම කදුවැටි පිළිබඳව. අද අපි ඔයාලට ගෙන එන්නේ ලංකාවේ උසම කදුවැටි පිළිබඳව.

ලංකාවේ උසම කන්ද ගැන නම් ඔයාලා හැමෝම දන්නවා කියලා මම දන්නවා. නමුත් උච්චත්වය අතින් අනෙකුත් කදුවැටි ගැනත් දැනගෙන සිටීම ඔයාලට වැදගත් වේවි කියලා මට හිතෙනවා.

ලංකාවේ උසින් වැඩි කදුවැටි සියල්ලම පාහේ පිහිටා ඇත්තේ මධ්‍යම කදුකරය පාදක කොටගෙනය. එහිදී නුවරඑළිය දිස්ත්‍රික්කය තුල තමයි උසින් වැඩිම කදුවැටි දක්නට ලැබෙනුයේ. මේ පිළිබඳව ඔබට පසක් වේවි අපගේ ලංකාවේ භූ විෂමතාව අධ්‍යනය පිළිබදව කියවූ ලිපිය කියෙව්වා නම්,

1 – පිදුරුතලාගල


උසින් මීටර 2524ක් හෙවත් අඩි 8281 ක් උස පිදුරුතලාගල වැටිය ලංකාවේ උසම කදුවැටිය ලෙස සදහන් කළ හැකිය. මෙය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා.



2 – කිරිගල්පොත්ත


නුවරඑළිය දිස්තික්කය තුළ පිහිටි කිරිගල්පොත්ත කදුවැටියේ උස මීටර 2395 ක් හෙවත් අඩි 7858 ක්.



3 – තොටුපොළ කන්ද


මීටර 2357 ක් උස මේ කදුවැටියද නුවරඑළිය දිස්තිරික්කය තුළ පිහිටි තවත් ප්‍රසිද්ධ කදුවැටියකි.



4 – අග්‍රබෝපත් කන්ද


මීටර 2357 ක් උස මෙය එතරම් ප්‍රසිද්ධ කදුවැටියක් නොවේ.නුවරඑළිය දිස්තිරික්කය තුළ පිහිටිය.



5 – සමනල කන්ද


සියලුම ජාතීන්ගේ වැදුම් පිදුම් ලබන්නා වූ ස්ථානයක් ලෙස සැලකෙන සමනල කන්ද උසින් ලංකාවේ 5 වන ස්ථානය ගනු ලබනවා. මෙහි උස මීටර 2318 ක්. රත්නපුර දිස්තික්කය තුල මෙය පිහිටිය.



6 – කිකිළියාමාන කන්ද


මීටර 2240 ක් උස කිකිළිමාන කන්ද නුවරඑළිය දිස්තිරික්කය තුල පිහිටි තවත් ප්‍රසිද්ධ කදුවැටියකි.



7 – ග්‍රේට් වෙස්ටර්න්


මීටර 2216 ක් උස මෙම කදුවැටිය නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පිහිටි තවත් කදුවැටියකි.



8 – හක්ගල කදුවැටිය


හග්ගල ප්‍රදේශයේ පිහිටි මනරම් කදුවැටියක් වන මෙය උසින් මීටර 2170ක් වනවා. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක මායිමේ පිහිටා තිබෙනවා.



9 – කොනිකල් හිල්


උසින් මීටර 2166ක් වන මෙයද නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි තවත් දැකුම්කලු කදුවැටියකි.



10 – මහාකුඩුගල

මීටර 2100ක් උස මහාකුඩුගල කදුවැටිය උසින් 10 වන ස්ථානය ගනු ලබනවා.




මේ උසම කදුවැටිවලට අමතරව නමුණුකුල හා නක්ල්ස් වැනි තවත් ප්‍රසිද්ධ කදුවැටිද ලංකාව තුළ පිහිටි අතිශය සුන්දර ස්ථාන ලෙස දැක්විය හැකිය. මේ කදුවැටිවල ඇති චමත්කාරය ශ්‍රී ලංකාවේ සුන්දරත්වය තවත් වැඩිකරන එක් සාදකයක්.


නක්ල්ස් කදුවැටිය 


නමුණුකුල කදුවැටිය 



මේ ලිපිය තුළින් ඔබ යම් දැනුමක් ලැබූයේ හෝ ඔබගේ අධ්‍යාපනය සදහා පාදක කරගත්තේ නම් එය අප ලබන්නා වූ සතුටකි. එබැවින් මෙය ඔබගේ අනෙකුත් මිතුරන්ටත් කියැවීමට හැකිවන්නා වූ ලෙස හැකිතරම් Share කරන මෙන් කාරුණිකව මාගේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමි.