Saturday 27 May 2017

IT Master සමග එකතුවී තොරතුරු තාක්ෂණය ඉගෙන ගනිමු





ඔයාලා හැමෝම දන්නවා දියුණුවන ලෝකය තුළ තොරතුරු තාක්ෂණය එහෙමත් නැතිනම් මේ IT කියන ක්ෂේත්‍රයට ඇති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා කියලා, මිනිසුන්ගේ අවශ්‍යතාවන් වැඩි වෙනවාත් සමගම ඔවුන් මේ තොරතුරු තාක්ෂණය යොදාගෙන ඒවාට පිළියම් සොයනවා.

ඉතින් මේ නිසාම අලුත් අලුත් දේවල් රැසක්ම මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දිනෙන් දින එකතු වෙනවා. ඒ අතර අලුත් තාක්ෂණයන්, මෘදුකාංග(Softwares), පරිගණක ක්‍රීඩා(PC Games), පරිගණක ඉගි(PC Tricks) වගේ දේවල් සදහන් කරන්න පුලුවන්.

ඉතින් මේ අලුත්වන පරිගණක ලෝකයේ ඔයාලගෙ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නංවා ගන්න පුලුවන් ලංකාවේ අපේම යාලුවෙක්ගේ අලුත් වැඩක් අපිට හම්බවුනා. ඒ තමයි IT Master Youtube Channel එක.
මේ IT Master Channel එකේ නිර්මාතෘ වරයා තමයි අදීශ නිලුපුල් යාලුවා. ඉතින් අපි ඔහුගෙන් ඇසුවා මොකක්ද මේ IT Master කියන්නෙ? මොකක්ද මේ Channel එකෙන් වෙන්නෙ වගේ ගොඩක් ගොඩක් දේවල්.



1) IT Master පටන් ගැනීමේ ඔබේ අරමුණ කුමක්ද?


        “මම මේක පටන් ගත්තේ 2016 නොවැම්බර්  වල. මගේ අරමුණ උනේ පුළුවන් තරම් අනෙක් අයට දැනුම දෙන එක.
මේ චැනල් එක පටන් ගන්න හේතු උනේ අද ලංකාවේ පරිඝණක තාක්ෂනය සමග ගැටෙන පරිස වැඩ් වීමක් සිදු උනත් ඒ අයගෙන්  බාගෙට බාගයක්ම පරිගණකය ගෙන නිසි අවබෝධයක් නැති වීම.ඉතින් මට හැකි උපරිමයෙන් ඒ හැමෝටම උදවූ කිරීමේ අරමුණින් සහ බොහෝ කලෙක සිට මෙය ඉටු කිරීමට මා තුල ඇති දැඩි අසාව මල්ඵ්ල ගැන්වවීමක් විදියට දක්වන්න පුලුවන්”



2) මෙහි අන්තර් ගතයන් මොනවාද?


   " මෙම චැනලයෙන් කතා කරන්නේ පරිගණකය පාවිච්චි කිරීමේදී වැදගත් වන පරිගණක ඉගි (pc tricks), සොෆ්ට්වෙර්ස් දැනුම ගෙනෙන පාඩම් මාලා (මෙහිදී එක එක සොෆ්ට්වෙර් එක සම්බන්ධයෙන් වෙන වෙනවම පාඩම් මාලා ඉදිරිපත් කරනු ලබයි) ඒ වගේම පරිගණක භාවිතයේදී එන ගැටළු සහ පිළියම්, ඒ වගේමපරිගණකය භාවිතයේදී වැදගත් වන සියලුදේ සහ පරිගණක තාක්ෂණයට අලුතෙන් එකතුවෙන දේ (නව පරිගණක තාක්ෂනය) හදුන්වා දීමත් සිදුකරනු ලබනවා.

IT MASTER යූටුබ් චැනලයට පිවිසුණු පසුව ඔබට Playlists යන්නෙන්  දැක්වෙන දේ වර්ගීකරණය කර ඇති ආකාරය මේ විදියට දක්වන්න පුලුවන්."



PC TRICKS

  " මෙය මෙහි අඩංගු ප්‍රධානම වර්ගීකරණයයි. මෙහිදී ඔබට පරිගණක දැනුම,නව පරිගණක ඉගි,පරිගණක භාවිතයේදී සැලකිලිමත් විය යුතු සහ දැනගත යුතු කාරණා  හා ක්‍රියාකාරකම් උගන්වන ස්ථානය විදියට සදහන් කරන්න පුලුවන්. මේවා ඔබට එදිනෙදා භාවිතයට වගේම ඉදිරියේදීත් බොහෝ ප්රයෝජනවත් වන බවට මට  නිසැකයි."


EASY TRICKS
   
    "මෙය බොහෝවිට කලින් කී දෙයට සමාන බවක් පෙන්නුම් කළත් මා මෙහි  පල කරන්නේ කෙටි කාලීනව ඔබට උගත හැකි සහ ප්‍රයෝජනයට ගත හැකි දැනුමයි."



GAMES REVIEWS

     "මෙහිදී මා සාකච්ඡ කරන්නේ නව සහ පැරැණි  පරිගණක ක්‍රීඩා පිළිබඳවයි. පරිගණක ක්‍රීඩාව නිමානය කරන  ආකාරය වගේම ඒ සදහා පාදක වුණු කතාව සහ තවත් කරුණු ගැන සැලකිලිමත් වෙනවා වගේම පරිගණක ක්රිඩා වලට කැමැත්තක් දක්වන සහ උනන්දු ඔයාලා හැමෝටම මෙය ඉතාමත් යෝග්‍ය වේවි කියා මා සිතනවා."



HACKING AND OTHERS

    "මෙහිදී හැකින් හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි හදුන්වන පරිගණක ඩැහැ ගැනීම පිළිබද සහ තවත් ඒ හා සමාන එයට අදාල වන පාඩම් අන්තර් ගත වේ. (මෙය ඔබගේ දැනුම උදෙසා දෙන දෙයක් බවත්,වෙන කිසිම අරමුණකින් මෙය නොදෙන බවත් තරයේ මතක තබා ගන්න.)"

  

දැනට නොමැති ඉදිරියේදී IT MASTER චැනලයේ පලවීමට නියමිත Playlists කිහිපයක් මෙසේ ගෙන හැර දක්වමි.


SOFTWARE REVIEWS

  "මෙහිදී ඔබට වැදගත් වන අලුත් සහ පැරනි සොෆ්ට්වෙර්ස්(Softwares) හෙවත් මෘදුකාංග ගැන සම්පූර්ණ තොරතුරු හදුනා ගත හැකිය."


FREE PAID SOFTWARES

   "මෙය ඔබට ඉතාමත් වැදගත් වන අතර මෙහි පල වන්නේ අන්තර්ජාලය තුල මිලදී ගත යුතු සොෆ්ට්වෙර්ස් නියමම ප්රමිතියෙන්  (Genuine Softwares) ඔබට නොමිලේ ලබාදීමයි."


SOFTWARE COURSE AND TUTORIALS

"මෙහිදී ඔබට වෙනමම පාඨමාලාවක් ලෙස පරිගණක මෘදුකංග පිළිබඳව ඉගෙන ගැනීමට හැකිය."


PC HELPS

"මෙයින් ඔබට පරිගණක භාවිතයේදී මතුවන විවිධාකාර පරිගණක දෝශ සහ ඒවා සදහා පිළියම් පිළිබඳව ඔබට උගන්නවනකි.” 


“ඉදිරියේදී සෑම සිකුරාදා දිනයකම ඔබට අපගේ අලුත් වීඩියෝවක් හෝ වීඩියෝ කිහිපයක් දැක ගත වනු ඇති අතර අපව Subscribe කරලා අප සමග සම්බන්ධ වෙන්න කියලා තොරතුරු තාක්ෂණයත් එක්ක ඉන්න හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා.”


ඉතින් අදීෂ ඒ විදියට තමයි එයාගෙ මේ IT Master යූටියුබ් චැනල් එක ගැන කීවෙ. ඔයාලටත් පුලුවන් මේ IT Master සමග එකතුවෙලා ඔයාගෙ තොරතුරු තාක්ෂණ දැනුම වැඩි කරගන්න.


ඉතින් IT Master වල ඉස්සරහට ගෙනෙන වැදගත් වීඩීයෝ ඔයා බලන්න කැමතිනම් අනිවාර්‍යයෙන්ම මේ යූටියුබ් චැනල් එක පහළින් Subscribe කරන්න.





අමතක කරන්නේ නැතිව අපගේ මේ ලිපිය ඔයාලගෙ Facebook, Twitter, Linkedin, Google Plus සමාජ ජාලා ගිණුම් වලට බෙදා ගෙන අපට සහයෝගය ලබා දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.