Wednesday 7 June 2017

රජයේ විභාග සදහා සාමාන්‍ය දැනීම - තුන්වන ප්‍රශ්න පත්‍රය




අද දිනයේ අප ඔබට ගෙන එන්නේ අපගේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න මාලාවේ තුන්වන ප්‍රශ්න පත්‍රයයි. මීට පෙර අප ඔබට ගෙන ආ පළමු හා දෙවන ප්‍රශ්න පත්‍ර ඔබ අධ්‍යනය කරන්නට ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
ඔබට යම් හෙයකින් එම ප්‍රශ්න පත්‍ර මාලාව අධ්‍යනය කරන්නට නොහැකි වූයේ නම් ඒවා අධ්‍යනය කරන්න

එසේනම් අප එම ප්‍රශ්න පත්‍ර මාලාවේ තුන්වන කොටසට අද පිවිසෙමු,
මෙම ප්‍රශ්න හා පිළිතුරු සූක්ෂමව අධ්‍යනය කොට ඔබගේ දැනුම වැඩි කරගන්න.



ගැටලු

1)      නැටුම් සදහා ජගත් කීරිතියට පත් ශ්‍රී ලාංකික කලාකරුවා කවුරුන්ද?

2)      අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමීත්වය ගෙන කටයුතු කලේ කවරෙකු විසින්ද?

3)      මයික්‍රෝසොෆ්ට් කම්පියුටර් ආයතනයේ නිර්මාතෘ වරයා කවරෙකුද?

4)      ලෝකයේ දිගම පාලම පිහිටා ඇත්තේ කොහේද? එහි දිග කොපමණද?

5)      ලොව විශාලතම අභයභූමිය කුමක්ද?

6)      ලොව විශාලතම වානිජ ව්‍යාපාරය කුමක්ද?

7)      සිළුමිණ පුවත්පත ආරම්භ කරනු ලැබූයේ කවදාද?

8)      “විරාගය” කෘතිය කාගේ රචනයක්ද?

9)      හුණුවටේ කතාව කාගේ නිර්මාණයක්ද?

10)  දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මන් ඒකාධිපතියෙකු වූ ඇඩෝල්ෆ් හිට්ලර්ගේ බිරිඳගේ නම කුමක්ද?

11)  ඇමරිකාවේ මුල්ම ජනාධිපතිවරයා කවරෙක්ද?

12)  නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති කවරෙක්ද?

13)  “යුද්ධය හා සාමය” “ඇනා කැරලිනා” වැනි ලෝක පූජිත ශ්‍රේෂ්ඨ කෘතිවල ගත් කතුවරයා කවුරුන්ද?

14)  ශ්‍රී ලංකාවේ නොනිදන නගරය වශයෙන් විරුදාවලිය ලත් නගරය කුමක්ද?

15)  ශ්‍රී ලංකාවේ රාත්‍රී කාලයේ ගණුදෙනු කරන ලංකා බැංකු ශාඛාව පිහිටා ඇත්තේ කොහේද?

16)  පරමාණුක වාදයේ නිර්මාතෘවරයා කවුරුන්ද?

17)  ලෝකයේ විශාලතම පක්ෂියාගේ නම කුමක්ද?

18)  ලෝකයේ වැඩිම කලක් ජීවත්වන සත්වයාගේ නම කුමක්ද?

19)  ඇමරිකාවේ විශාලතම ජනපදය කුමක්ද?

20)  මනමේ නාට්‍ය නිර්මාණය කොට රචනා කලේ කවරෙකුද?

21)  බුදුන්වහන්සේ සමකාලීන චීන ආගමික ශාස්තෘවරයා කවුරුන්ද?

22)  රොයිටර් පුවත් සේවය ආරම්භ වූයේ කවදාද?

23)  මහා බ්‍රිතාන්‍යයට අයත් රාජ්‍ය 4 මොනවාද?

24)  රතුකුරුස ව්‍යාපාරයේ ආරම්භක නිර්මාතෘවරයා කවුරුන්ද?

25)  කිටෝ යනු කවර රටක අගනුවරක්ද?




පිළිතුරු

1)      එස් පණීභාරත මහතා   
2)      නෙල්සන් මැන්ඩෙලා
3)      බිල් ගේට්ස්
4)      නෙදර්ලන්තයේ උෂ්ටෆීල්ඩ් පාලම - දිග අඩි 16476
5)      වර්ග සැතපුම් 8000ක් විශාල අප්‍රිකාවේ ක්‍රෑග්‍ර අභය භූමිය
6)      ජපානයේ මිට්ෂුබිශි ව්‍යාපාරය
7)      1930 මාර්තු 30 වන ඉරිදා
8)      මාටින් වික්‍රමසිංහ ශූරීන්
9)      හෙන්රි ජයසේන මහතාගේ
10)  ඊවා බ්‍රෝන්
11)  ජෝර්ජ් වොෂින්ටන්
12)  ජවහල්ලාල් නේරු
13)  ලියෝ ටෝල්ස්ටෝයි
14)  දඹුල්ල
15)  දඹුල්ල නගරයේ
16)  ඉංග්‍රීසි ජාතික ජෝන් ඩෝල්ටන්
17)  පැස්බරා
18)  ඉබ්බා
19)  ඇලස්කාව
20)  මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර
21)  කොන්ෆියුසියස් තුමා
22)  1847
23)  වේල්සය, ස්කොට්ලන්තය, අයර්ලන්තය, එංගලන්තය
24)  හෙන්රි ඩුනාට්
25)  ඉක්වදෝරය


මෙම ලිපිය ඔබේ මිතුරන්ටත් අධ්‍යනය කිරීම සදහා Facebook, Twitter, Linkedin, Google Plus වලට share කිරීමටද අමතක නොකරන්න...........