Thursday 22 June 2017

බෝග වගාවේදී වැදගත් වන ශාක පෝෂක පිළිබඳව දැන ගනිමු

  

අකාබනික ද්‍රව්‍ය භාවිතයෙන් ශාක තුළ කාබනික ද්‍රව්‍ය නිපදවීමේ ක්‍රියාවලියට අවශ්‍ය අකාබනික සංඝටක මූලද්‍රව්‍ය ලෙස හැදින්වේ.

මෙම ශාක පෝෂක ප්‍රධාන ආකාර දෙකකි.

1)      අත්‍යවශ්‍ය පෝෂක
2)      අත්‍යවශ්‍ය නොවන පෝෂක



අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය

ශාක පෝෂක වශයෙන් සෑම ශාකයකටම අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු මූලද්‍රව්‍ය වේ. අත්‍යවශ්‍ය පෝෂකයක් වීමට නම් පහත කරුණු 03 සම්පූර්ණ විය යුතුය.
1)      එය නොමැතිව ශාකයට වැඩී තම ජීවන චක්‍රය සම්පූර්ණ කල නොහැක
2)      අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය සදහා පූර්ණ ආදේශක නොමැත
3)      අත්‍යාවශ්‍ය පෝෂක ශාකවල පරිවෘත්තීය ක්‍රියාවන්ට ඍජුවම දායක වේ.


අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 16කි. ඒවා ශාකයට ලබාගන්නා ප්‍රමාණ අනුව ආකාර 2කි.
1)      මහා මූලද්‍රව්‍යය
2)      ක්ෂූද්‍ර මූලද්‍රව්‍යය



මහා මූලද්‍රව්‍යය

ශාක ද්‍රව්‍යවලට විශාල ප්‍රමාණවලින් අවශ්‍ය ද්‍රවයයයි. මේවා 9කි.

C, O, H, N, P, Ca, Mg, S, K



ක්ෂූද්‍ර මූලද්‍රව්‍යය

ශාකයේ වර්ධනයට කුඩා ප්‍රමාණ වලින් අවශ්‍යවන මූලද්‍රවයයි. මේවා 07කි.

Cl, Fe, Mn, B, Zn, Cu, Mo




අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍යය

ශාක වර්ධනයට අත්‍යවශ්‍ය නොවන නමුත් නිරෝගී වර්ධනයට ඇතැම් විට අවශ්‍ය වන මූලද්‍රව්‍යයයි.

Na, V, Ga, Si, Al, F, Ni, Co





උපකාරක මූලද්‍රව්‍යය

මේවා සමහර ශාකවල සුවිශේෂී වූ ක්‍රියාවන් සදහා උපකාරී වේ.
උදා:
1)      Co – රනිල ශාකවල N2 තිර කිරීමට උදව් වෙයි.
2)      Si – තෘණ කුලයේ ශාකවල සන්ධාරණය ඇති කරයි
3)      Na – ශාකවල ආස්රුතිය හා කැටායන ඇනායන තුල්‍යතාවය




ශාකවල ඌණතා ලක්ෂණ ඇතිවන ආකාරය අනුව චල හා අචල ලෙස කොටස් දෙකකට බෙදයි.


චල මූලද්‍රව්‍යය

ප්ලෝයම තුළින් ශාකයේ වයස්ගත පටකවල සිට අලුත් පටක කරා ගමන් කරන මූලද්‍රව්‍යයි.
උදා:
 C, O, H, N, K, Ca, Mg, P, S


අචල මූලද්‍රව්‍යය
එසේ ගමන් නොකරන මූලද්‍රව්‍යය අචල මූලද්‍රව්‍යය වේ.

උදා:
 Cl, Fe, Mn, B, Zn, Cu, Mo


මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියවීමට හැකිතරම් සමාජ ජාල වෙත බෙදා ගැනීමට අමතක නොකරන්න...