Saturday 8 October 2016

මූලික භෞතික රාශීන් අධ්‍යයනය කිරීමට යොමුවෙමු

 භෞතික විද්‍යාව යන්න විශ්වය හා බැදුණු මූලික මූලධර්මයන් මත පදනම් වූ ඉතාමත්ම මූලික විද්‍යාවක් ලෙස අර්ථ දක්වා ඇත. එමගින් අපට නිරීක්ෂණය කළ හැකි, මැනිය හැකි, ස්වභාවික සංසිද්ධීන් විස්තර කළ හැකි, පදාර්ථ හා ශක්තියට සම්බන්ධ වූ විද්‍යාවේ ප්‍රධාන කොටසකි. භූ ගර්භ විද්‍යාව, තාරකා විද්‍යාව හා රසායන විද්‍යාව යන ක්ෂේත්‍රයන් අධ්‍යනය කිරීමේදී භෞතික විද්‍යාව පදනම් විද්‍යාවක් ලෙස සැලකේ.

මෙම භෞතික විද්‍යාවේ ඇති ආකර්ෂණීයතවය වන්නේ එය හා බැදී ඇති මූලික සිද්ධාන්තවල ඇති සරල භාවයත් මූලික සංකල්ප කීපයක් සමීකරණ කීපයක් හා මූලික උපකල්පන කීපයක් මගින් අප අවට ලෝකය හා සම්බන්ධ අපේ දැක්ම වැඩි දියුණු කර ගැනීමට හා වෙනස් කර ගැනීමට ඇති මනා හැකියාවයි.

අප අවට ලෝකයේ ස්වභාවික සංසිද්ධීන් පහත ආකාරයට වර්ගීකරණය කළ හැකිය.
v  යාන්ත්‍ර විද්‍යාව (mechanics)
v  පදාර්ථයේ ගුණ (properties of matter)
v  ධ්වනිය (acoustics)
v  ආලෝකය (optics)
v  තාප භෞතිකය (
v  විද්‍යුතය heat)
v  චුම්භකතවය (magnetism)
v  පරමාණුක භෞතිකය (nuclear physics)



භෞතික රාශි අර්ථ දැක්වීම

භෞතික විද්‍යාවේ අඩංගු මූලධර්ම විස්තර කිරීම සදහා භාවිතා කරන රාශීන් භෞතික රාශීන් ලෙස අර්ථ දැක්වීම කරනු ලැබේ. සියලුම භෞතික රාශීන් කොටස් තුනකට වර්ගීකරණය කළ හැකිය.
1)      සංඛ්‍යාත්මක අගය පමණක් ඇති
2)      අදීශ රාශි
3)      දෛශික රාශි




භෞතික විද්‍යාවේ මූලික රාශි

භෞතික විද්‍යාවේ මූලික රාශි 7ක් ඇත.

භෞතික රාශිය - දිග
SI ඒකකය - මීටර
සම්මත සංකේතය - m


භෞතික රාශිය - ස්කන්ධය
SI ඒකකය - කිලෝග්‍රෑම්
සම්මත සංකේතය - kg


භෞතික රාශිය - කාලය
SI ඒකකය - තත්පර
සම්මත සංකේතය - s


භෞතික රාශිය - විද්‍යුත් ධාරාව
SI ඒකකය - ඇම්පියර්
සම්මත සංකේතය - A


භෞතික රාශිය - තාපගතික උෂ්ණත්වය
SI ඒකකය - කෙල්විනය
සම්මත සංකේතය - K


භෞතික රාශිය - පදාර්ථ ප්‍රමාණය
SI ඒකකය - මවුල
සම්මත සංකේතය -mol


භෞතික රාශිය -  දීප්ත තීව්‍රතාව
SI ඒකකය - කැන්ඩෙලා
සම්මත සංකේතය - cd



යාන්ත්‍ර විද්‍යාව හැදැරීමේදී අපට හමුවන විවිධ භෞතික රාශීන් ප්‍රකාශ කිරීම සදහා දිග, ස්කන්ධය හා කාලය යන රාශිවල ඒකක ප්‍රමාණවත් වේ. අන්තර්ජාතික ඒකක(SI) ක්‍රමයේදී දිග මීටර(m) වලින්ද ස්කන්ධය කිලෝග්‍රෑම්(kg) වලින්ද කාලය තත්පර(s) වලින්ද මනිනු ලබන අතර මේවා පහත පරිදි අර්ථ දක්වා ඇත.




·         මීටරය
-210C උෂ්ණත්වයේ පවත්නා ක්‍රිප්ටෝන් -86 වායුවේ විමෝචන වර්ණාවලියේ තැඹිලි වර්ණ රේඛාවේ රික්තයේදී තරංග ආයාමය මෙන් 165076373 ගුණයක දිගකි.



·         කිලෝග්‍රෑමය
සම්මත තත්වයන් යටතේ පැරීසියේ ජාත්‍යන්තර භාර හා මිනුම් කාර්‍යාංශයේ තබා ඇති එක්තරා ප්ලැටිනම් ප්‍රමාණයක ස්කන්ධයයි.



·         තත්පරය
සීසියම්(Cs) – 133 මූලද්‍රව්‍යයේ එක්තරා වර්ණාවලි රේඛාවක චක්‍ර 9,192,631,770 කට අනුරූප වන කාලන්තරයක් ලෙස අර්ථ දක්වා ඇත.




(මෙම ලිපිය සැකසීමට මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ යාන්ත්‍ර විද්‍යාව ග්‍රන්ථයත් ආචාර්‍ය ඩී.බී.එන්. බාලෝ දයා මහතාගේ “මිනුම්” ග්‍රන්ථයත් උපයෝගී කරගෙන ඇත. මෙම ලිපියේ ඇති සියලු තොරතුරුවල ගෞරවය ඔවුන්ට හිමිවේ.)